ස්කෑන් ජම්බෝ පීනට්ස් ජම්බෝ බොනැන්සාවලින් මවුන්ටන් බයිසිකල් 50 ක්

7 වැනි වරටත් සංවිධාන කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහන අතිසාර්ථික ලෙස පසුගියදා නිමාවට පත්වුණා.

ඒ, ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින්.

එහිදී ජයග්‍රාහකයන් වෙත අගනා මවුන්ටන් බයිසිකල් 50ක් ත්‍යාග ලෙස පිරිනැමීම සිදුකෙරුණා.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය හිමිකරගත් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ආනයන, නිෂ්පාදන, අලෙවි හා බෙදාහැරීම් අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට සිය නිෂ්පාදන නිකුත් කරනු ලබනවා.

ඒ අනුව “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ප්‍රිය කරන අති මහත් පාරිභෝගික ප්‍රතිචාර මැද මෙවර “ස්කෑන් ජම්බෝ බොනැන්සා” 2023 ජූනි මස 22 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා පැවැත්වුණා.

දිවයින පුරා ගම් නගර 120ක් ආවරණය කරමින් මෙවර වැඩසටහන ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ස්කෑන් ජම්බෝ පීනට් හිස් පැකැට්ටු තැපැල් පෙට්ටිය අංක 161, කොළඹ යන ලිපිනයට එවූ පාරිභෝගිකයන් රැසක් අතුරෙන් කුසපත් ඇදීමෙන් “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් තෝරාගනු ලැබුවා.

පසුගිය වසරවලටත් වඩා මෙවර වැඩසටහනට අතිමහත් පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබී තිබූ අතර, එමගින් ජනතා විශ්වාසය දිනූ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් මෙවැනි ත්‍යාග පිරිනමන වැඩසටහනක් සමග තවදුරටත් ජනතාවට සමීප වී ඇති බව පැහැදිලි වුණා.

ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තුළින් ස්කෑන් ජම්බෝ පීනට්ස් පාරිභෝගික ජනතාවට සමීප වීමට බලාපොරොත්තු වනවා.

පී.එල්.සී. හි වෙළෙඳ හා අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී අරුණ සේනානායක මහතා කියාසිටියේ, මෙතෙක් අප හා රැඳී සිටි පාරිභෝගික ජනතාවට සිය ස්තූතිය පුද කරන බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ පීනට්ස් වෙළෙඳපොළ තුළ 70%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ඉදිරියෙන්ම රැඳී සිටිනවා.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකදී ජම්බෝ පීනට්ස් මිලදී ගැනීමේ පහසුව පාරිභෝගික ජනතාව වෙත හිමිකර දී තිබීමද වයස් භේදයකින් තොරව බාල, තරුණ, වැඩිහිටි සෑම කෙනෙකුම එක සේ ප්‍රියකරන ප්‍රණීත රසයකින් යුක්ත වීමද මෙම ජනප්‍රියත්වයට බලපාන තවත් හේතූන් වනවා.

සැමවිටම තත්ත්වයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනමමින් ජනතා විශ්වාසයට පාත්‍ර වූ ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කළ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” 25 වසරකට අධික කාලයක් තිස්සේ ලක්වැසි කාගේත් අංක එකේ තේරීම බවට පත්ව තිබෙනවා.

උසස් තත්ත්වයෙන් යුත් කර කර ගා යසට හැපෙන, ලු‍ණු මිශ්‍ර දිව පිනවන කෙටි ආහාරයක් වන ස්කෑන් ජම්බෝ පීනට්ස්, පිරිසක් එක්වූ ඕනෑම ස්ථානයක් රස සාගරයක් කිරීමට සමත් වනවා.

ලොව අංක එකේ පීනට්ස් යොදාගනිමින් නිෂ්පාදනය කෙරෙන ස්කෑන් ජම්බෝ පීනට්ස් පැකැට්ටු පාරිභෝගිකයන්ගේ පහසුව මෙන්ම නැවුම් බව හා සෞඛ්‍යාරක්ෂිත බවද තහවුරු කෙරෙන විවිධ ප්‍රමාණයේ ඇසුරුම්වලින් යුක්තයි.

වසර 120 ක සාඩම්බර සංවත්සරය සමරන සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහය, කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගමක්.

එහි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන, ආනයන, අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ලෙස කීර්තිමත් ස්ථානයක් දිනා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ප්‍රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, ස්කෑන් ස්නැක්ස්, කොටගල කහට, ඩෙලිස් ජෙලි, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, සැකසූ එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සන්නාමය වන කේ.වී.සී., එන්ජෝයි පොල්තෙල්, ස්ටාර් බ්‍රෑන්ඩ් එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමාගමේ කීර්’තිය ඔප්නැංවීමට සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06