පැය 24ට ‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් අපරාධකරුවන් 733ක් අල්ලයි

ගතවූ පැය 24ක කාලය තුළ ‘යුක්තිය’ මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 589 දෙනා අතරින් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් 05 දෙනෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 04ක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 128ක් ද වන බවයි වාර්තා වුණේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් 01ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 130ක්, අයිස් ග්‍රෑම් 159ක්, ගංජා කිලෝ 1725 ග්‍රෑම් 900ක්, ගංජා පැල 211,804ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 525ක් සහ මදන මෝදක ග්‍රෑම් 121ක් මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12