පැය 24ට ‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් අපරාධකරුවන් 733ක් අල්ලයි

ගතවූ පැය 24ක කාලය තුළ ‘යුක්තිය’ මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 589 දෙනා අතරින් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් 05 දෙනෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 04ක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 128ක් ද වන බවයි වාර්තා වුණේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් 01ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 130ක්, අයිස් ග්‍රෑම් 159ක්, ගංජා කිලෝ 1725 ග්‍රෑම් 900ක්, ගංජා පැල 211,804ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 525ක් සහ මදන මෝදක ග්‍රෑම් 121ක් මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12