හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරේ

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුනා.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධියට අදාල විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න ඇසීම සිදුකළා.

ඉන් පසු වැඩිදුර විභාගය ලබන 03 වනදා දක්වා කල්තැබීමටත් අධිකරණය නියම කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිට වූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට ද කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23