spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරේ

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුනා.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධියට අදාල විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න ඇසීම සිදුකළා.

ඉන් පසු වැඩිදුර විභාගය ලබන 03 වනදා දක්වා කල්තැබීමටත් අධිකරණය නියම කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිට වූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට ද කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?