පස්සර ලුණුගල සිදුවූ මාරක බස් අනතුරේ රියැදුරු සම්බන්ධයෙන් විශේෂ කරුණක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ, එම රියැදුරු වෙනත් රියැදුරකුගේ බලපත්‍රය උපයෝගී කරගෙන බස් රථය ධාවනය කර ඇති බවකි.
කලක සිට මෙම රියැදුරු තමන්ට අදාළ නොවන මෙම රියැදුරු බලපත්‍රය භාවිත කොට ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය බස් රථයේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.














ඔන්න ඕකයි තත්වය … ඔය බස්වලට permit එක දෙනකොට driving ලයිසන් එකටත් permit එකක් දෙන්න ඕනෙ… මුන් හරක් වගේ එලවනව අහින්සක මිනිස්සු තමයි මග මරුවට බිලිවෙනව ….