දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු අද (03) දහවල් කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙනවා.
තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් ආර්.ටී.ඒ.එෆ්.- 244 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
තායි අග්‍රාමාත්‍යවරයා සහ ධූත පිරිස පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස, කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ සටහනක් තැබීමට ද කටයුතු කළා.
ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙරට 76 වන ජාතික නිදහස් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමෙන් අනතුරුව හෙට (04) දිනයේදීම ඔවුන් පැමිණි යානයෙන්ම යළි බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.










