නිවසක උඩුමහලෙන් වැටුණු ළමයා රෝහලේ දී මියයයි

ඉදිකරමින් පවතින නිවසක උඩුමහලෙන් වැටී 15 හැවිරිදි පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල, හිඳගොල්ල, ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

සුදේශ් මධුශංක නැමැති මෙම ළමයා මිතුරන් සමඟ නිවස අසල හැංගිමුත්තං සෙල්ලම් කිරීමේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

හැංගිමුත්තං සෙල්ලම් කරමින් සිටි මෙම ළමයා අසල පිහිටි ඉන්දිකරමින් පවතින නිවසක ඉහළ මහලෙන් බිමට වැටී ඇති අතර, අනතුරින් පසු ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම ළමයාගේ මව වසර එකහමාරකට පෙර විදෙස් ගතව ඇති අතර,ඉන් අනතුරුව මෙම ළමයා ලොකු අම්මාගේ භාරයේ සිට ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34