spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක උඩුමහලෙන් වැටුණු ළමයා රෝහලේ දී මියයයි

ඉදිකරමින් පවතින නිවසක උඩුමහලෙන් වැටී 15 හැවිරිදි පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල, හිඳගොල්ල, ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

සුදේශ් මධුශංක නැමැති මෙම ළමයා මිතුරන් සමඟ නිවස අසල හැංගිමුත්තං සෙල්ලම් කිරීමේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

හැංගිමුත්තං සෙල්ලම් කරමින් සිටි මෙම ළමයා අසල පිහිටි ඉන්දිකරමින් පවතින නිවසක ඉහළ මහලෙන් බිමට වැටී ඇති අතර, අනතුරින් පසු ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම ළමයාගේ මව වසර එකහමාරකට පෙර විදෙස් ගතව ඇති අතර,ඉන් අනතුරුව මෙම ළමයා ලොකු අම්මාගේ භාරයේ සිට ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
14
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?