හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය අද සී.අයි.ඩීයට ?

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එම නියෝගයට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කරමින් අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට ද කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා කල් ඉල්ලා තිබූ බව සඳහන්කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ එක් හේතුවක් අසත්‍ය බව ද අධිකරණයට දන්වා සිටියා.

මෙම කරුණු සැළකිල්ලට ගත් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අමාත්‍යවරයාට අද (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08