හලාවත නගරයෙ පිහිටි ප්රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසනවා.
අද සොරුන් කණ්ඩායමක් බිත්ති කඩා උපක්රමශීලි ලෙස ඇතුල් වි එහි පැය කිපයක් රැදි සිටිමින් කිසියම් යාන්ත්රික ග්රයින්ඩර් භාවිතා කරමින් සේප්පු දෙකක් කපා ඇති බවයි පොලීසිය පැවසුවේ.
රාජකාරි නිමවා නිවෙස් වලට ගොස් ඇති එම ලිසිං ශාඛවේ සේවකයින් නැවත අද (31 ) දින උදෑසන සේවයට පැමිණි විට තම ආයතනයේ සේප්පු කපා මුදල් රැගෙන ගොස් ඇති බව දැක තිබෙනවා.
