සිනොෆාම් එන්නත් තොගය දිවයිනට

චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් තොගය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට මේ වන විට භාර දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා , වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ චීන තානාපති කී සෙන් හොන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම ආධාර වැඩපිළිවෙළ යටතේ සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මෙරටට ලැබී තිබෙනවා.