ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයේ ප්‍රහාරය ගැන හෙළි වූ තොරතුරු

ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය ඉරිදා දින(29) සුලවේසි දූපතේ මාකසාර් හි පිහිටි ජේසු ආසන දෙව්මැදුරේ පූජනීය හදවතට පහර දුන් පිරිමි මරාගෙන මැරෙන බෝම්බකරු” මීට පෙර අත්අඩංගුවට ගැනීමක් හේතුවෙන් දැනටමත් හඳුනාගෙන ඇති බව ඉන්දුනීසියානු පොලිසිය පවසනවා.

“අදාළ පුද්ගලයා මීට කලකට පෙර අප අත්අඩංගුවට ගත් අපරාධකරුවන් කිහිප දෙනෙකුගේ කණ්ඩායමක ප්‍රබල සාමාජිකයෙක් වන අතර මෙම කණ්ඩායම පිලිපීනයේ ජොලෝ හි මෙහෙයුම් සිදු කළ කණ්ඩායම්වල කොටසක් හෝ ඊට සම්බන්ධයි ”යනුවෙන් ජාතික ඉන්දුනීසියානු පොලිස් ප්‍රධානී ලිස්ටියෝ සිගිට් ප්‍රබෝවෝ මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා තිබෙනවා. හඳුනාගත් අපරාධකරු තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කරන බවටද දන්වා තිබෙනවා.මෙම ප්‍රහාරකයාත් සමඟ ඊට සම්බන්ධ වෙමින් මිය ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ වන අතර මොවුන් විවාහ වී මාස 7ක් වැනි කෙටි කාලයක් ගත වී ඇති බවත් වාර්තා වනවා.

මෙම වසරේ ජනවාරියේදී ඉන්දුනීසියාවේ ප්‍රහාර සැලසුම් කිරීමට සැකපිට ජැඩ් නම් සාමාජිකයන් 20 දෙනෙකු මාකස්සාර්හිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අයි.එස්.අයි.එස් කණ්ඩායමට අනුබද්ධ බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ගිය ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කරන්නට ඇති බවත් පැවසෙනවා. ප්‍රහාරකයා අත්අඩංගුවේ සිට නිදහස් වී ඇත්ද නැතිනම් ජනවාරියේ අත්අඩංගුවට පත් වූ ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වෙනත් පුද්ගලයෙක්ද යන්න පිළිබඳව මේ වන තෙක් කරුණු තහවුරු වී නැහැ.

සසැදි පුවත් – කිතුනු දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42