spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිතුනු දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..

ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් අසල බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙලෙස සිදුව ඇති බවට වාර්තා වන අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් බෝම්බය පුපුරුවාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර එහි සේවයේ සිටි ආරක්ෂක නිලධාරියා විසින් එම පුද්ගලයා නතර කර තිබෙනවා.

එහිදී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?