මෙතෙක් ප්රතිලාභ නොලැබුණු අස්වැසුම සුබසාධන ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් කටයුතු සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) ප්‍රකාශ කළා.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවැනි වටය සඳහා අයදුම්පත් කැඳවීම මේ වසරේ මුල් කාර්තුවේ සිදු කර ජුනි මාසයේදී සියලු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජූලි සිට ගෙවීම් සිදු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.
අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනි දින දක්වාත් සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
