ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා (30) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

ක්‍රීඩකයින් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .

මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබේ .

එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09 , 11 සහ 14 ‍‍යන දින වලදී පැවැත්වීමට නියමිතය . විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17 , 19 සහ 21 යන දින වල පැවැත්වීමට සැළසුම් කර තිබේ .

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම (30) දින රාත්‍රී 10.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?