ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා (30) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

ක්‍රීඩකයින් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .

මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබේ .

එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09 , 11 සහ 14 ‍‍යන දින වලදී පැවැත්වීමට නියමිතය . විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17 , 19 සහ 21 යන දින වල පැවැත්වීමට සැළසුම් කර තිබේ .

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම (30) දින රාත්‍රී 10.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41