මුජිබර් රහුමාන් රෝහල්ගත කෙරේ

කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (30) පස්වරුවේ දියත් කළ ‘මේ දුෂ්ට ආණ්ඩුව එළවමු’ විරෝධතාවයට මීට මොහොතකට පෙර කොළඹ ධර්මපාල මාවතේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා.එමෙන්ම මෙම විරෝධතාව අතරතුර තුවාල ලැබූ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත ⁣නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.