ඔබටත් ජපන් යන්න අවස්ථාවක්

අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබාදී විදෙස් රැකියා සඳහා පිටත් කරවීමට සූදානමින් සිටින බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි.

එමෙන්ම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.