උසාවියේ විභාග වූ නඩුව ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ අයෙකුට වැඩ වරදී

ඊයේ (29) දින ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු අධිකරණ ශාලාවේ නඩුවක් විභාග වෙමින් තිබියදී එහි දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් පූජාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එම සිදුවීම වූ බව සදහන්.

කුරුණෑගල, පානගමුව ප්‍රදේශයේ පදිංචි මොහොම්මදු මුස්තාෆා රාම්සික් නැමැති මෙම සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000ක දඩ මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත දැඩි අවවාද කොට මුදා හැර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනය අධිකරණ භාරයට ගෙන එහි වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් අතර සැකකරුට යළි මාර්තු මස 04 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26