උසාවියේ විභාග වූ නඩුව ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ අයෙකුට වැඩ වරදී

ඊයේ (29) දින ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු අධිකරණ ශාලාවේ නඩුවක් විභාග වෙමින් තිබියදී එහි දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් පූජාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එම සිදුවීම වූ බව සදහන්.

කුරුණෑගල, පානගමුව ප්‍රදේශයේ පදිංචි මොහොම්මදු මුස්තාෆා රාම්සික් නැමැති මෙම සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000ක දඩ මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත දැඩි අවවාද කොට මුදා හැර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනය අධිකරණ භාරයට ගෙන එහි වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් අතර සැකකරුට යළි මාර්තු මස 04 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?