හොර පාරෙන් ගේන බීඩි කොළ නිසා රජයට බිලියන 04ක් අහිමිවෙයි

නීති විරෝධී ලෙස බීඩි කොළ මෙරටට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමිවන රුපියල් බිලියන 04ක පමණ මුදල අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ නීත්‍යානුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන එන බවයි.

බීඩි නිෂ්පාදකයන් සමඟ අද (30) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 03ක් පමණක් බවයි සඳහන් කළේ.

එහෙත් රට තුළ බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සංසරණය වන බව අනුමාන කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බදු පහත හෙළීම මඟින් නීති විරෝධී බීඩි කොළ ආනයනය අවමකර ගත හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙනවා.

ඒ, අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් අවම වශයෙන් නීත්‍යානුකූල මාර්ගය ඔස්සේ ආනයනය කළ හොත් රුපියල් බිලියන 07ක පමණ බදු මුදලක් රජයට අයකර ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?