හොර පාරෙන් ගේන බීඩි කොළ නිසා රජයට බිලියන 04ක් අහිමිවෙයි

නීති විරෝධී ලෙස බීඩි කොළ මෙරටට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමිවන රුපියල් බිලියන 04ක පමණ මුදල අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ නීත්‍යානුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන එන බවයි.

බීඩි නිෂ්පාදකයන් සමඟ අද (30) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 03ක් පමණක් බවයි සඳහන් කළේ.

එහෙත් රට තුළ බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සංසරණය වන බව අනුමාන කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බදු පහත හෙළීම මඟින් නීති විරෝධී බීඩි කොළ ආනයනය අවමකර ගත හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙනවා.

ඒ, අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් අවම වශයෙන් නීත්‍යානුකූල මාර්ගය ඔස්සේ ආනයනය කළ හොත් රුපියල් බිලියන 07ක පමණ බදු මුදලක් රජයට අයකර ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14