රාජ්‍ය රහස් හෙළිකළ ඉම්රාන් ඛාන් දස වසරක් සිපිරිගෙට

රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව වරදකරුවන්වූ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ හිටපු විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂි හට පාකිස්ථාන අධිකරණයක් විසින් වසර 10ක සිරදඩුවම් නියමකර තිබෙනවා.