ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

ඒ යාත්‍රාවේ මීතේන් විමෝචනය පිළිබඳ පවතින විවිධ මතබේධාත්මක තත්වයන් මධ්‍යයේයි.

දිගින් මීටර් 365ක් (අඩි 1,197) යුත් Icon of the Seas මහල් 20 කින් සමන්විත වන අතර උපරිම වශයෙන් මගීන් 7,600කට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

සංචාරක නෞකාවේ හිමිකාරීත්වය Royal Caribbean Group සතුයි. මෙම යාත්‍රාව සිය මංගල ගමනේදී නිවර්තන කලාපයේ දින හතක සංචාරයක නිරත වනවා.

නමුත් පරිසරවේදීන් අනතුරු අඟවන්නේ ද්‍රව ස්වභාවික වායුවකින් ක්‍රියාත්මක වන නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි.

LNG සාගර ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමෙන් 120% කට වඩා වැඩි හරිතාගාර වායු විමෝචනයක් සිදු වන බවටයි ඔවුන් ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

සාම්ප්‍රදායික සමුද්‍ර ඉන්ධන වලට වඩා LNG පිරිසිදුව දහනය වන නමුත් කාන්දු වීමේ අවදානමක් පවතින බව සඳහන්.

Icon of Seas ගොඩනැගීමට ඩොලර් බිලියන 2ක් (£1.6bn) වැය වී තිබෙනවා. එය පිහිනුම් තටාක හතක්, ජල කඳු බෑවුම් හයක් සහ ආපනශාලා, බාර් සහ විවේකාගාර 40කට වඩා ඇති සුපිරි ගනයේ නෞකාවක් ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44