උමාඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් පෙබරවාරි සිට ජාතික පද්ධතියට

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

2024 වසරේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය උදෙසා උපරිම දායකත්වයක් ලබාදීමට අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 23,413ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 6913ක් ජලාශ නඩත්තු කිරීමටත්, රුපියල් මිලියන 16500ක් මහා පරිමාණ වාරි ව්‍යාපෘතීන් වෙනුවෙනුත් වෙන් කර තිබෙනවා.

මහවැලි සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4678ක මුදලක් දේශීය අරමුදල් ලෙස වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 1590ක්ම වෙන් කර තිබෙන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්. එසේම පශු සම්පත් කටයුතු වෙනුවෙන් ද රුපියල් මිලියන 930ක් ද වෙන් කර ඇති බව කිව යුතුයි.

වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් අදිරයට පැමිණ තිබෙනවා. එම නිසා එමඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

එසේම ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ භූමිය, පියසිමත, ජලය මත පාවෙන සූර්ය කෝෂ යොදා ගැනීමට නියමිතයි. ජලය මත පාවෙන සූර්යබල විදුලිය උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ 14කින් මෙගාවොට් 2524ක්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 17කින් මෙගාවොට් 553ක් නිපදවීමට අවශ්‍ය ජලාශ 31ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන තුළින් මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට එහි අමුණ මීටර් 3.5කින් එසවීමටත්, වයඹ පළාත් මහඇළ කිලෝමීටර් 11ක උමං මාර්ගයක් ද සහිතව කිලෝමීටර් 90ක දිගින් යුතු ඇළ ඉදිකිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව උතුරු මැද මහ ඇළ ඉදිකිරීමට තුළින් ප්‍රධාන වැව් 07කට සහ කුඩා වැව් 350කට කන්න දෙකටම අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව පවතිනවා. තවද එක්ලක්ෂ අසූපන්දහසකට පානීය ජලය ලබාදීමටත් ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ජාතික ආහාර සුරක්ෂිතතාවයට සමගාමීව ගොවි සංවිධාන හරහා ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වෙන් කර ඇති බව ද කිව යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24