බිග්බෑෂ් ලීග් තරගාවලියේ ශූරතාව බ්‍රිස්බෙන් හීට් කණ්ඩායමට

මේ වසරේ ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට බ්‍රිස්බෙන් හීට් කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජය කරමින්.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‍ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් තරගාවලිය වන බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්වුණේ සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්‍රිස්බෙන් හීට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු අටක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 166ක්.

එම ලකුණු එකසිය හැට හය ඇතුලත ජෝෂ් ජෝෂ් බ්‍රවුන් ලබා ගත් ලකුනු 53ක්, මැට් රෙන්ෂෝ ලබා ගත් ලකුනු 40ක් සහ නායක නේදන් මැක්ස්වීනි ලබා ගත් ලකුනු 33ක් අන්තර්ගතව තිබුනා.

පන්දු යැවීමේදී ශෝන් ඇබොට් ලකුණු ලකුණු 32ට බ්‍රිස්බේන් හීට් කන්ඩායමේ කඩුළු 4ක් බිඳ දැමීමට සමත් වුනා.

ලකුණු 167 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට පන්දුවාරය 17 පන්දු 3 දී ලබාගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

පන්දු යැවීමෙ දී බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ස්පෙන්සර් ජොන්සන් සිඩ්නි ක්‍රීඩාංගනයේ රැස්ව සිටි වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 112 කට සීමා කිරීම සඳහා දායක වූයේ සිය පන්දුවාර හතර තුල දී ලකුණු 26කට කඩුළු 4ක් දවා ගනිමින්.

සිඩ්නි කණ්ඩායම වෙනුවෙන් නායක මොයිසස් හෙන්රික්ස් ලකුණු 25 ක් සහ ජොෂ් පිලිප් ලකුණු 23ක් ලබා ගත්ත ද බ්‍රිස්බේන් කණ්ඩායමේ ජයග්‍රහනය වලක්වාලන්නට එය ප්‍රමානවත් වුනේ නැහැ.

ඒ අනුව බ්‍රිස්බේන් හීට් වසර 11කට පසු ප්‍රථම වරට බිග් බෑෂ් ශූරතාව දිනා ගැනීමට සමත් වුනේ මෙවර ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ශූරතාව දිනාගනු ඇතැයි මුල සිටම විශ්වාසය පළ කෙරුණු සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අනපේක්ෂිත ලෙස පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41