පිය පුතු අවසන් ගමන් යැවූ මාරක අනතුර

නවතා තිබූ දැව ප්‍රවාහනය කරන ලොරි රථයක යතුරුපැදියක් ගැටී ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ලබුගල ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ පුතු මිය ගොස් තිබේ.

එහිදී බිරිඳ රෝහල්ගත කර තිබෙනවා.මෙලෙස මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි යුද හමුදා විශේෂ බලකායේ ලුතිනන්වරයෙකු සහ ඔහුගේ දස හැවිරිදි පුත්‍රයාය.