සිංහළ බෙහෙත් බඩු අලෙවි කරන මුවාවෙන් මත්ගුලි අලෙවිකළ අයෙක් අත්අඩංගුවට

පානදුර ප්‍රධාන පාසලක් ආසන්නයේ සිංහළ බෙහෙත් බඩු අලෙවි කරන මුවාවෙන් මත්ගුලි අලෙවිකල වෙළදසැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

පානදුර , කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කිය.

ප්‍රදේශයේ දෙමව්පියන්ගෙන් මොරොන්තුඩුව බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත පානදුර ප්‍රධාන පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන සිංහළ බෙහෙත් බඩු අලෙවි සැල වටලා පරීක්ෂා කිරීමේදී 25 බැගින් අඩංගු පැකට් 64 ක තිබූ මත්ගුලි 1600 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

මෙම මත්ගුලි ඇඹිලිපිටිය ප්‍රදේශයේ සහ කදාන ප්‍රදේශයේ නිශ්පාදනය කර බෙදාහැර ඇති බවද පොලිසිය සදහන් කරයි.

පානදුරා නගරයේ ඇති පාසල් සිසුන් මෙම මත්ගුලි මිළදී ගැනීමට දැඩි රුචිකත්වයක් දක්වන බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .