භාග්‍යා දැන් කියන කතාව

භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි. එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර තමන් සමඟ සිටි ගමේ පිරිස් බොහෝමයක් අද තමන්ගෙන් ඈත් වී ඇති බවයි. ඒ පිළිබඳව ඇය කියා තිබුණේ මෙවැනි කතාවකි “බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ.” යනුවෙනි.

එමෙන්ම දැන් අයට රජයේ නිලධාරීන්ගෙන් බලපෑමක් නොවන බවද ඇය කියා තිබුණි. දැන් රජයේ ආයතනවලින් කිසිම ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් සිදු නොවන බවද ඇය සඳහන් කළාය. ඒ පිළිබඳව ඇය ජාතික පුවත්පතට පවසා තිබුණේ මෙලෙසිනි “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.”

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ.” යනුවෙනි.

භාග්‍යා අබේරත්න මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04