කටුනායක දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රැගත් ජිප් රථය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අද (25) අලුයම සිදු වූ රිය අනතුරෙන් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය යාමේ සිද්ධියට අදාළව කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ඉදිරි විමර්ශන සදහායි
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය දැක ගැනීමට මැති ඇමතිවරුන් ඇතුළු කලා තරු බොහෝමයක් අද (25) රාගම රෝහල වෙත පැමිණ තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
20
+1
1
+1
4
+1
4
+1




