දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය. සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා ඇත.
සනත් නිශාන්ත මහතා හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසුවෙකි.1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලබන සනත් නිශාන්ත පෙරේරා මහතා 1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළහ.එම ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කර සභාපතිවරයා බවට පත්වූ සරත් හේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත මහතාට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරන්නට හැකියාව ලැබිණි.
2010 මැයි මස 31 වැනි දා වයඹ පළාත් සභාවේ ධීවර, මහා මාර්ග, විදුලි බල අමාත්‍යවරයා ලෙස ද ඔහු පත් විය.
අනතුරු ව පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී මනාප ඡන්ද 62,996ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට හෙතෙම පත් වී නැවත පෙර අමාත්‍ය ධුරයටම පත් විය.
මිය යන විට ඒ මහතා වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.(24) රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු වී තිබිණි.
නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත මහතා දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.




