රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ සිදු වූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අනතුරින් ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාද ජීවිතක්ෂයට පත් වී ඇති අතර රියදුරු ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

කටුනායක අධිවේගී මාර්ගයේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී තිබුණේ අද අලුයම 2ට පමණ.

ඒ කටුනායක සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී. අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස අනතුරට ලක්වූ ජීප් රථය මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ රියදුරු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රිය අනතුරෙන් සිදු වූ තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.

ජීප් රථයේ රියදුරු සුළු තුවාල සහිතව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
54
+1
19
+1
370
+1
17
+1
55
+1
18
+1
26
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59