කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ සිදු වූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
අනතුරින් ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාද ජීවිතක්ෂයට පත් වී ඇති අතර රියදුරු ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
කටුනායක අධිවේගී මාර්ගයේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී තිබුණේ අද අලුයම 2ට පමණ.
ඒ කටුනායක සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී. අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස අනතුරට ලක්වූ ජීප් රථය මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ රියදුරු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රිය අනතුරෙන් සිදු වූ තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.
ජීප් රථයේ රියදුරු සුළු තුවාල සහිතව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන සිදු කරනවා.



















