කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ සිදු වූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
අනතුරින් ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාද ජීවිතක්ෂයට පත් වී ඇති අතර රියදුරු ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
කටුනායක අධිවේගී මාර්ගයේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී තිබුණේ අද අලුයම 2ට පමණ.
ඒ කටුනායක සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී. අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස අනතුරට ලක්වූ ජීප් රථය මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ රියදුරු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රිය අනතුරෙන් සිදු වූ තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.
ජීප් රථයේ රියදුරු සුළු තුවාල සහිතව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන සිදු කරනවා.



















eka ballek iwarai. Thawa innawa yanna one un
ඔබට නිවන් සුව ලඟාවේවා ………
Dewmaw thurulata paminewaa..miniscule kee denakuta oba thuma udau karala athida, adatath udau ganna kee denek athida oba thumata sthuthiwewaa
Deuwmauw thurule sathapewaa
පැයට කිලෝමීටර් 150 ට විතර වේගයෙන් නිදිමතේ වාහනය එලවනකොට ඉස්සරහ තියෙන වාහනය පෙනෙන්නෙ තත්පර දශමයක් විතර පහුවෙලා නිසා මොනවත් කරන්න බැරි වෙනවා. මේ වගේ වෙලාවට අධිවේග මාර්ගයේ යනවා නම් පැයට කිලෝමීටර 100 ට අඩුවෙන් යන්න ඕන. නැත්නම් සාමාන්‍ය මාර්ගයේ යන්න ඕනැ.
හොරා කාපු මවුරට මෙවන් අගාදයකට ඇද දැමූ පක්ශ විපක්ශ සියලු දෙනාට මෙවන් විපත්ම අත්වේවා. නිවන් සැප නොලැබෙවා.