පුද්ගල ඝාතනයකට ගිය පිරිසක් පොලිසියට කොටුවෙයි

අපරාධයක් සිදු කර නැවත පැමිණෙමින් සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු තියුණු ආයුධ සහ අත් බෝම්බ දෙකක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේදී නවතා තිබූ සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදීයි එහි තිබී රුධිරය තැවරුණු කඩු තුනක්, යකඩ මුගුරක් සහ මන්නයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ ත්‍රී රෝද රථය සැක සහිත වීම හේතුවෙන් තවත් පොලිස් නිලධාරීන් ගෙන්වා ගෙන පරීක්ෂා කර තිබෙනවා.

එහිදී සැකකරුවන් සඟවා ගෙන තිබූ ජීව අත්බෝම්බ දෙකක් සමග දුරකථන 6ක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම පිරිස පිංතාලිය හන්දිය ප්‍රදේශයේ නිවසක සිටි අයෙක් ඝාතනයට පැමිණ ඇති අතර ඔහු එහි නොසිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ පියාට පහරදී බරපතල තුවාල සිදු කර පළා යමින් සිටි බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43