spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගල ඝාතනයකට ගිය පිරිසක් පොලිසියට කොටුවෙයි

අපරාධයක් සිදු කර නැවත පැමිණෙමින් සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු තියුණු ආයුධ සහ අත් බෝම්බ දෙකක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේදී නවතා තිබූ සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදීයි එහි තිබී රුධිරය තැවරුණු කඩු තුනක්, යකඩ මුගුරක් සහ මන්නයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ ත්‍රී රෝද රථය සැක සහිත වීම හේතුවෙන් තවත් පොලිස් නිලධාරීන් ගෙන්වා ගෙන පරීක්ෂා කර තිබෙනවා.

එහිදී සැකකරුවන් සඟවා ගෙන තිබූ ජීව අත්බෝම්බ දෙකක් සමග දුරකථන 6ක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම පිරිස පිංතාලිය හන්දිය ප්‍රදේශයේ නිවසක සිටි අයෙක් ඝාතනයට පැමිණ ඇති අතර ඔහු එහි නොසිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ පියාට පහරදී බරපතල තුවාල සිදු කර පළා යමින් සිටි බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?