තිදරු පියාගේ මරණයට හේතුව අනියම් පෙමක් ද?

තිදරු පියෙකු ගෙල කපා ඝාතනය කළ අඹු සැමි යුවළක් සීගිරිය පොලිසියට භාර වී තිබෙනවා. ඔවුන් පොලිසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයාගෙන් සිදුවන හිරිහැර හේතුවෙන් තමන් මෙම ඝාතනය සිදුකළ බවයි.

සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයක තිබී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වුණේ අද අලූයම් කාලයේදී. තියුණු ආයුධයකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් කර තිබුණේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තිදරු පියෙක්.

මේ අතර, අද අලූයම පැමිණි ගුවන් හමුදා සෙබලෙකු හා ඔහුගේ බිරිඳ තියුණු ආයුධයක් සමඟින් සීගිරිය පොලිසියට භාර වුණා. මෙම යුවළ පොලිසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයාගෙන් දිගින් දිගටම සිදු වූ හිරිහැර හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි.

එම ස්ථානයට පැමිණි, මියගිය පුද්ගලයාගේ බිරිඳ මෙන්ම ඥාතීන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටියා. ඥාතීන් පවසන්නේ මියගිය පුද්ගලයා හා ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ කාන්තාව අතර වසර ගණනාවක සිට ප්‍රේම සම්බන්ධයක් පැවති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?