AFC Banner
Empty Ad
Empty Ad

ඉතිහාසය වෙනස් කළ යුද හමුදාපතිගේ ගුවන් පිම්ම (ඡායාරූප)

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය 22 වනදා ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දක්වා තිබෙනවා.

දෙස් විදෙස් නිලධාරීන් හා සෙබල කණ්ඩායමක් ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමින්.

ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදු කළ පැරෂුට් පැනීම සඳහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගින්.

යුද හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුව ද, මෙම අවස්ථාව සටහන් වන්නේ ඓතිහාසික අසමසම වූ එකක් ලෙස බවයි යුද හමුදාව සඳහන් කළේ.

විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද හමුදාපතිවරයකු ලෙස ද, යුද හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙස ද, එම දුෂ්කර පුහුණුව ද සාර්ථකව සිදු කර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවක් වනවා. එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා එවන් හපන්කමක් සිදු කළ ප්‍රථම හා එකම අවස්ථාව වීමට ද, බොහෝ සෙයින් ඉඩ ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.

යුද හමුදාපතිවරයා මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හෝ තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හරහා ඔහු යුද හමුදාවේ වත්මන් තරුණ පරපුරට ද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්.

එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන්පටන් වත්මන් යුද හමුදාපතිවරයාගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ යෝධ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
13
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?