ඉතිහාසය වෙනස් කළ යුද හමුදාපතිගේ ගුවන් පිම්ම (ඡායාරූප)

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය 22 වනදා ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දක්වා තිබෙනවා.

දෙස් විදෙස් නිලධාරීන් හා සෙබල කණ්ඩායමක් ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමින්.

ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදු කළ පැරෂුට් පැනීම සඳහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගින්.

යුද හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුව ද, මෙම අවස්ථාව සටහන් වන්නේ ඓතිහාසික අසමසම වූ එකක් ලෙස බවයි යුද හමුදාව සඳහන් කළේ.

විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද හමුදාපතිවරයකු ලෙස ද, යුද හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙස ද, එම දුෂ්කර පුහුණුව ද සාර්ථකව සිදු කර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවක් වනවා. එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා එවන් හපන්කමක් සිදු කළ ප්‍රථම හා එකම අවස්ථාව වීමට ද, බොහෝ සෙයින් ඉඩ ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.

යුද හමුදාපතිවරයා මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හෝ තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හරහා ඔහු යුද හමුදාවේ වත්මන් තරුණ පරපුරට ද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්.

එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන්පටන් වත්මන් යුද හමුදාපතිවරයාගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ යෝධ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56