පාකිස්ථානයෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර

ඉරානය පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු පාකිස්තානය ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේ සැඟවුණු ත්‍රස්තවාදී ඉලක්ක වෙත සිය ප්‍රහාර එල්ල කළ බවයි පාකිස්තානය ප්‍රකාශ කළේ.

කාන්තාවන් තිදෙනෙකු, පිරිමින් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු මෙම ප්‍රහාරවලින් මිය ගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළා.

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන හමාස් කණ්ඩායමට එරෙහිව සටන් කරන අතර ලෙබනනය තුළ ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය සමඟ වෙඩි හුවමාරු කර ගනිමින් සිටිනවා.

ඉරාකයේ සහ සිරියාවේ, ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම් එක්සත් ජනපද හමුදා ඉලක්ක කරමින් සිටින අතර එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යේමනයේ ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන්ට පහර දී තිබෙනවා.

පාකිස්තානය සහ ඉරානය තම දේශසීමාවේ ප්‍රදේශවලින් ප්‍රහාර එල්ල කරන සටන්කාමී කණ්ඩායම්වලට රැකවරණය ලබා දෙන බවටයි දිගු කලක් තිස්සේ එකිනෙකාට චෝදනා කරමින් සිටින්නේ.

බ්‍රහස්පතින්දා පාකිස්තාන විදේශ අමාත්‍යාංශය සිය ප්‍රහාර සනාථ කළ අතර ඉරාන මාධ්‍ය පැවසුවේ එය සරවන් නගරය අවට සිදු වූ බවයි.

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ ඉරාන දේශසීමා ආසන්නයේ පිහිටි ප්‍රදේශයකට ඉරාන ප්‍රහාරය එල්ලවූ අතර එම ප්‍රහාරය පාකිස්තානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඉරානය අවධාරණය කලේ, සිය ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඉරානයට ප්‍රහාර එල්ල කළ සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන Jaish al-Adl වෙත මිස පකිස්තානයේ පුරවැසියන්ට නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31