37 හැවිරිදි ඉංජිනේරුවා කඩ කාමරයක් ඇතුළේ එල්ලෙයි (ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක් බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගැනීමට පෙර ඊයේ (15) උදෑසන තම ෆේස්බුක් ගිණුමේ සුදුකොඩියක ඡායාරූපයක් ද පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුටු ඔහුගේ මිතුරන් සහ ඥාතීන් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේ දී ඔහුගේ නිවස ඉදිරිපිට ඇති කඩකාමරයේ එල්ලී සියදිවි හානිකරගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමටයි ඥාතීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර, ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
1
+1
53
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?