කන්දකාඩුවේ ගැටුමක් -25ක් රෝහලේ – 50ක් පලායයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඇති කරගත් ගැටුමක් හේතුවෙන් රැඳවියන් 25 දෙනෙකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ගැටුම අතරවාරයේ තවත් රැඳවියන් 50ක් පමණ පුනරුත්ථාපන කඳුරෙන් පලාගොස් ඇති අතර ඔවුන්ගෙන් 25 දෙනකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පලා ගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය බාධාවක් වී ඇති බව සඳහන්.

අද දහවල් ආහාර පෝලිමේ රැඳී සිටි දෙපරිසක් අතර මෙම ගැටුම ඇතිවී අතර ඔවුන් ගල්මුල්වලින් හා පොලුවලින් ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා.

මෙම ගැටුමෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති රැඳවියන්ගෙන් බරපතල තත්ත්වයේ තුවාල ලැබුවන් කීපදෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම සවස 6 වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා,

සිද්ධිය සම්බන්ධ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිසියේ කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56