කන්දකාඩුවේ ගැටුමක් -25ක් රෝහලේ – 50ක් පලායයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඇති කරගත් ගැටුමක් හේතුවෙන් රැඳවියන් 25 දෙනෙකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ගැටුම අතරවාරයේ තවත් රැඳවියන් 50ක් පමණ පුනරුත්ථාපන කඳුරෙන් පලාගොස් ඇති අතර ඔවුන්ගෙන් 25 දෙනකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පලා ගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය බාධාවක් වී ඇති බව සඳහන්.

අද දහවල් ආහාර පෝලිමේ රැඳී සිටි දෙපරිසක් අතර මෙම ගැටුම ඇතිවී අතර ඔවුන් ගල්මුල්වලින් හා පොලුවලින් ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා.

මෙම ගැටුමෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති රැඳවියන්ගෙන් බරපතල තත්ත්වයේ තුවාල ලැබුවන් කීපදෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම සවස 6 වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා,

සිද්ධිය සම්බන්ධ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිසියේ කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12