ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයක් මධ්‍යම අප්‍රිකාවේදී අනතුරක

සාම සාධක මෙහෙයුම්වලට එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටර් යානයක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් අතරතුර අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවයි.

අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව ගුවන් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් යොදවා ඇති අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ වේලාවෙන් අද උදෑසන 9.30ට පමණ හෙලිකොප්ටර් යානය ගොඩ බැස්වීමට යාමේදී පැවති දුවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්. මෙහි ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ගමන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18