spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයක් මධ්‍යම අප්‍රිකාවේදී අනතුරක

සාම සාධක මෙහෙයුම්වලට එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටර් යානයක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් අතරතුර අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවයි.

අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව ගුවන් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් යොදවා ඇති අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ වේලාවෙන් අද උදෑසන 9.30ට පමණ හෙලිකොප්ටර් යානය ගොඩ බැස්වීමට යාමේදී පැවති දුවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්. මෙහි ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?