ජපාන මුදල් ඇමති කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණයක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ජපානයේ මුදල් අමාත්‍ය Suzuki Shunichi මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත 2 හි ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී තිබෙනවා.

අමාත්‍ය Shunichi දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන් තොටුපොළේදී ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

අමාත්‍ය Suzuki Shunichi සහ දූත පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය සමඟ ගුවන් තොටුපළේ නිරීක්ෂණයට එක්ව තිබෙනවා.

මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ ව්‍යාපෘතියේ අනාගතය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනු ලැබුවා.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ජපන් රජය සහ ජපානයේ ජනතාව දක්වන සහයෝගීතාවය සහ මූල්‍ය ආධාර පිළිබඳව අතුල ගල්කැටිය මහතා සිය කෘතඥතාව පළ කළා.

ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ආයතනයේ සූදානම පිළිබඳවද ඔහු පැහැදිළි කර තිබෙනවා.

අමාත්‍ය සුසුකි ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය නැරඹීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21