වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (12) සිට (වීඩියෝ)

උතුරු මැද ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ කටු මැටි නිවසක් කඩා වැටීමෙන් එක්දරු මවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇගේ වයස අවුරුදු එක හමාරක් වයසැති කුඩා දියණියද, සැමියාද නිවසේ බිත්තියට යටව තුවාල ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ හිඟුරක්ගොඩ අක්කර 70 ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු මවක්. ඇගේ අවුරුදු 1 1/2 වයසැති කුඩා දියණිය සහ සැමියාද කඩා වැටුණේ නිවසේ බිත්තියට යටවී තුවාල ලැබුවා.
ඔවුන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර, අද අලුයම බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ කිරිඳිඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන පාරට පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය පැය කිහිපයකට අවහිර වුණා. පසුව මාර්ගයේ එක් මං තීරුවක් වාහන ධාවනයට විවෘත කරනු ලැබුවා.

අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඌරුගාමම් පොකුණේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1498ක් විපතට පත්ව ඇති අතර , එම පවුල්වලට අයත් පුද්ගලයන් 20ක් පමණ මේ වනවිට බදුරියා විද්‍යාලයේ සුබසාධන
කඳවුරේ නවාතැන් ගෙන සිටිනවා.

අද උදෑසන සිදුවූ නායයාමක් හේතුවෙන් බදුල්ල – කන්දෙගෙදර මාර්ගය හාලි ඇල කිරියගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. මාර්ගයට විශාල ගල් පෙරලි විදුලි පද්දතියටද හානි වූ අතර, මේ වනවිට මාර්ගය යථා තත්වයට පත්කර තිබෙනවා.
මේ අතර, බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හාළිඇල අතර ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවහිර වූ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදුකෙරුණා. එමෙන්ම හාලි ඇල කැටවල මාර්ගයේ සිදු වී ඇති නායයෑම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු අවහිර වී ඇති අතර, මේ හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යන සිසුන්ද දැඩි අපහසුතාවකට ලක් වුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය තවමත් ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අනුරාධපුරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් තිරප්පනේ, ඒරුවැව ගම්මානය මේ වනවිට හුදෙකලා වී තිබෙනවා.
ඒරුවැව පිටාර ගැලීමෙන් ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල ජලයෙන් යටවීම ඊට හේතුවයි.

මේ අතර අධික වැසි හේතුවෙන් කලා වැවේ වාන් දොරටු දෙක අඩි 17 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්ත්පරයට ඝන අඩි 23,000ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන අතර මේ හේතුවෙන් කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා අවුකන – කලාවැව හා හදුන්ගමුව – හිරිපිටියාගම මාර්ග ජලයෙන් යටව පවතිනවා.

කවුඩුල්ල ජලාශය වාන් දොරටු 12 ම මේ වන විට විවෘත කර ඇති අතර ඉන්පිටවන ජලය මුදා හැරෙන්නේ කහඹිලියා ඔයටයි.

පවතින අධික වර්ෂාපතනයත් සමග බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6 අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ පට්ටියපොළ මහවැව පිටාර ගැලීම නිසා නෙටොල්පිටිය ප්‍රදේශයේ කුඹුරු ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර, බෙලිඅත්ත සිටිනාමලුව මහවැව ද වර්ෂාවත් සමග වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, මේ හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවෙමින් ඇතැයි දසත නිවුස් වාර්තාකරුවන් පවසනවා.

මේ අතර දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මේ දිනවල පැවති තද වැසි තත්ත්වයේ අඩු වීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20