ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නෞකා සංචාරය ගැන පැහැදිළි කිරීමක් (වීඩියෝ)

ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සඳහා කොළඹ වරායේ නෞකාවක සංවිධානය කර තිබූ සාදයක්‌ පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොළඹ වරායේ නෞකාවක සිටියදී සංග්‍රහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ කොළඹ වරායේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දැනුවත්වීම සඳහා දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සඳහා සාමාන්‍යයෙන් මෙවැනි නැව් සංචාර පවත්වන බවයි.

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව එවැනි නිරීක්ෂණ චාරිකාවක් සඳහා නැව් චාරිකාවක් සංවිධානය කළ බවයි වරාය අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ආහාර හෝ වෙනත් කටයුතු සඳහා වියදම් කර නොමැති බව ද වරාය අධිකාරිය පැහැදිලි කර තිබෙනවා.

වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවයි.

වරාය පරිශ්‍රයේ අධි ආරක්ෂිත කලාපයක මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔවුන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ වරාය අධිකාරිය තුළ ඊයේ (09) නාවික සංචාරයක් සිදු කර තිබෙනවා.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වසර ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඊට එක්ව සිටින ආකාරය දැක්වෙනවා. මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමින්.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.

වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වුණා.

වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
8
+1
4
+1
0
+1
1
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29