19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

සිනෙත් ජයවර්ධන (නායක), මල්ෂ තරුපති (උප නායක), පුලිඳු පෙරේරා, හිරුන් කපුරුබණ්ඩාර, රවිශාන් නෙත්සර, රුසඳ ගමගේ, දිනුර කළුපහන, විශ්ව ළහිරු, ගරුක සංකේත්, දුවිඳු රණතුංග, රුවිෂාන් පෙරේරා, සුපුන් වඩුගේ, විහස් තෙව්මික,
විශේන් හලඹගේ මෙම සංචිතයට ඇතුලත්.

අතිරේක ක්‍රීඩකයන් ලෙස දිනුක තෙන්නකෝන් සහ හිරාන් ජයසුන්දර නම් කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 19 වනදා පැවැත්වෙන්නේ අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතරයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 21 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම මගින් මෙරටට ලැබීමට තිබූ ඩොලර් මිලියන 30කට වැඩි ආදායමක් අහිමි කිරිමට හිටපු දේශපාලනඥයෙක් කටයුතු කර ඇති බව ශ්‍රී ‍ ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා චෝදනා කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05