වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය නිසා රෝගීන්ට පීඩා (වීඩියෝ)

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

කෙසේ වෙතත්, ඒ සමගම තවත් අර්බුදයක් මතු වූයේ එලෙස වැඩි කළ දීමනාව සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන්.

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් ලබන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ අනුමැතිය හිමිවුණා.

ඊට අමතරව වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා ඉහළ නැංවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා, ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

කෙසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලය වෛද්‍යවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට ගත් තීරණයත් සමගම රජයේ රෝහල්වල හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කළා.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කිසිදු දැනුම් දීමකින් තොරව ආරම්භ කළ වර්ජනයත් සමග දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

ළමා රෝහල්, සියළු පිලිකා රෝහල්, සියළු මාතෘ රෝහල් , සියළු වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ.

හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් ස්වේඡා පදනම මත ලබාදීම සඳහා ද කාර්ය මණ්ඩලය යොදවනු ලැබුණා.

මේ අතර, ඉමියුනොග්ලෝබියුලින් ඖෂධ වංචාව සම්බන්ධ මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් අද විරෝධතාවක නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48