වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය නිසා රෝගීන්ට පීඩා (වීඩියෝ)

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

කෙසේ වෙතත්, ඒ සමගම තවත් අර්බුදයක් මතු වූයේ එලෙස වැඩි කළ දීමනාව සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන්.

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් ලබන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ අනුමැතිය හිමිවුණා.

ඊට අමතරව වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා ඉහළ නැංවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා, ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

කෙසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලය වෛද්‍යවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට ගත් තීරණයත් සමගම රජයේ රෝහල්වල හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කළා.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කිසිදු දැනුම් දීමකින් තොරව ආරම්භ කළ වර්ජනයත් සමග දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

ළමා රෝහල්, සියළු පිලිකා රෝහල්, සියළු මාතෘ රෝහල් , සියළු වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ.

හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් ස්වේඡා පදනම මත ලබාදීම සඳහා ද කාර්ය මණ්ඩලය යොදවනු ලැබුණා.

මේ අතර, ඉමියුනොග්ලෝබියුලින් ඖෂධ වංචාව සම්බන්ධ මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් අද විරෝධතාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?