රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.
තරුණ දේශපාලන නායකයෙකුට පරිණත වීමට ඇති හොඳම අවස්ථාව මෙය බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු තවදුරටත් පැවසුවේ. වර්තමානයේ පවතින ශක්තිමත්ව දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි යළිත් තහවුරු වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරන ලදී.
“අපි තරුණ නායකයෝ විදිහට වගකීම තමයි මේ වෙලාවේ එදා මහින්ද රාජපක්ෂ මතිතුමාලා පාද යාත්‍රා ගිහින් තමන් විශ්වස කරන කරන දේශපාලන කඳවුර ශක්තිමත් කළා වගේ අපි නියෝජනය කරන කදවුර ශක්තිමත් කරමින් අවංකව මේ රටට ආදරය කරන දේශීයත්වයට ගරු කරන සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක දේශපාලන බලවේගයක් ගොඩනගන එක. එහෙම නැතුව මේ වෙලාවේ යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අවස්ථාව තමයි තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව කියල, නෑ. ඒක සාධාරණ නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.














